latest news

Saturday, December 3, 2016

තාප්ප ගලවා ඉවත් කළ මර්වින් සිල්වාට ලක්ෂ 4 ක දඩ

No comments

මින් වසර 6 කට පෙර 2010දී හිටපු ඇමති මර්වින් සිල්වා කිර්බත්ගොඩ ප්‍රදේශයේ මාර්ග පුළුල් කිරීමේ කටයුතු වලදී සෘජුව මැදිහත්වූ අයුරු රූපවාහිනියෙන්ද බොහෝ අයට නරඹන්නට ලැබිණි. මෙකී සමයේ ඇමතිවරයාගේ ඇතැම් පිරිස් කිසිදු ලිපි ලේඛනයකින් තොරව එක්වරම නිවාස ඉදිරිපිටට පැමිණ බැකෝ යන්ත්‍ර යොදවා තාප්ප නිවාස උදුරා දැමුණ අතර බලහත්කාරයෙන් සිදු කළ ඇතැම් කඩා බිඳ දැමීම් ඉවසා සිටින්නට 
මහජනතාවට සිදුවූයේ එකල මර්වින්ට එරෙහිව කිසිදු වරදක් සම්බන්ධයෙන් නීතියක් ක්‍රියාත්මක කරන්නට ඉහළින් වළක්වා තිබුණ බැවිනි.
නමුත් වසර ගණනාවකට පසු එම තත්වය කණපිට හැරී මර්වින් ඇමතිවරයා නිවසක තාප්පයක් හා වැසිකිලි නානකාමර ඒකකයක් කඩා ඉවත්කිරීමෙන් සිදු කළ මූලික අයිතිවාසිකම් කඩකිරීමකට වන්දි ගෙවන්නට සිදුවූ පුවතක් ඊයේ අධිකරණයෙන් වාර්තා වුණා.

 කිරිබත්ගොඩ ඊරියවැටිය ප්‍රදේශයේ පදිචිකරුවකු වන අසිත නානායක්කාර ලියනගේ මහතාට අයත් නිවසේ තාප්පය 2010 වර්ෂයේ සැප්තැම්බර් මස 18 වැනි දින විරෝධය නොතකා කැලණිය ප්‍රාදේශීය සභාවේ බැකෝ යන්ත්‍රයක් රැගෙන විත් ගලවා ඉවත් කරන්නට මර්වින් සිල්වා එම ස්ථානයට පැමිණ එම ක්‍රියාව සිදු කරවූ බවත් පෙත්සමෙන් දැක්විණි.
ඔහු පවසන්නේ එය මාර්ගය පුළුල් කිරීමක් යයි දක්වමින් ඇමතිවරයා සිදු කළද පුද්ගලික පලිගැනීමක් ඒ තුළ වූ බවයි.


ඇමතිවරයාට හිතවත් ගොලයින් තම නිවසට යාබදව බාධාකාරී ලෙස ත්‍රීරෝද රථ ගාලක් පවත්වා යන නිසා එයට එරෙහිව නඩු පැවරීමෙන් පසු ඒ ගැන ආරංචිවී පැය බාගයකින් තාප්පෙ ගලවනවා යයි මර්වින් ඇමතිවරයා තර්ජනාත්මක ඇමතුමක් දී මේ දේ කරවූ බවද පෙත්සමෙන් දැක්වේ.මේ ගැන එදිනම පොලිසියට පැමිණිලි කළද ඇමතිවරයාගේ බලපෑම නිසා ඒ ගැන විමර්ශනයක් පොලිසියෙන් සිදුවූයේ නැතැයිද දන්වා ඇත.

ප්‍රදේශවාසියකුගේ නිවසේ තාප්පයක් බලහත්කාරයෙන් කඩා ඉවත් කිරීමෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා විසින් ඔහුගේ මූලික හිමිකම් කඩකර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය

රුපියල් ලක්ෂ හතරක වන්දියක් ඔහුට ගෙවන ලෙස හිටපු මන්ත්‍රීවරයාට නියෝග කළේය. එවක රජයේ ඇමැතිවරයකු වශයෙන් එම වරද කර ඇති නිසා රජයෙන්ද රුපියල් ලක්ෂයක වන්දියක් පෙත්සම්කරුට
ගෙවන ලෙසද නියෝග කෙරිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීමෙන් කිරිබත්ගොඩ එවකට (2010) ‍පොලිස් ස්ථානාධිපතිව සිටි චමින්ද එදිරිසූරිය මහතාද වරදක් සිදුකර ඇති බැවින් ඔහුද තම පෞද්ගලික මුදලින් රුපියල් 50,000ක් වන්දි ලෙස ගෙවිය යුතු බවටද  නියෝග කෙරිණි.

මෙම තීන්දුව ප්‍රකාශ කළේ ඊවා වනසුන්දර, අනිල් ගුණරත්න හා කේ.ටී. චන්ද්‍රසිරි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය විසිනි.

ඉල්ලීම් දිනා නොගෙනම බස් වර්ජනය අතහරී

No comments


ඉල්ලීම් දිනා නොගෙනම බස් වර්ජනය අතහරී

ඊයේ දවස පුරා ජනතාවට පීඩා ඇති කරමින් රට පුරා පවත්වාගෙන ගිය වැඩ වර්ජනය මැදියම් රාත්‍රිය වනවිට අත්හැර දමන්නට එයට මුල්වූ බස් සංගම් තීරණය කර ඇත. 25000 දඩ පනවමින් අයවැය මගින් ඇති කළ දඩ සංශෝධන ඉවත්කරගන්නා ලෙස බලකරමින්
මෙම වර්ජනය
ක්‍රියාත්මකවූ අතර ඊයේ සවස 4ට සහ සවස 7 ට නිකුත් කළ මාධ්‍ය නිවේදන මගින්ද කියා තිබුනේ ඉල්ලීම් දිනන තුරු එය අඛණ්ඩව ඉදිරි දිනවලත් පවත්වා යන බවයි.

කෙසේ නමුත් මැදියම් රැයේ වර්ජනය අතහැර දමමින් සංගම් දන්වා ඇත්තේ ජනපති සාකච්ඡාවකට එකගවූ නිසා වර්ජනය අත්හැර දමන බවයි.
මෙම හේතුව ඇත්තම හේතුවදැයි පැහැදිලි නැත. මන්ද වර්ජනයට පෙර දින සවසත් ඔවුන් ජනපති හමුවී ඉල්ලීම් දිනාගන්නට අසමත්වීමෙන් පසුව වර්ජනයට ගිය නිසාය.

ඊයේ වර්ජනය අවස්ථාවේ ඒ ගැන පාඨකයින් දැක්වූ අදහස් අනුවද කියැවුනේ මාසිකව අධික ලීසිං වාරික ගෙවමින් ජනතාව නිසා බඩවියත රැකගනිමින් දුවන බොහෝ පුද්ගලික බස් රථවල දිනක ආදායම අහිමිවීම ඔවුනටම කරගන්නා පාඩුවක් බවයි.ඒ අනුව පෙනී යන්නේ දීර්ඝ වැඩවර්ජනවලට යාමට ඔවුන්ට හැකියාවක් නැති බවකි.

Thursday, July 14, 2016

දුඹුරු වැස්සි සමග ලිංගිකව හැසිරුණු එක්දරු පියා මාට්ටු

No comments

දුඹුරු වැස්සි සමග ලිංගිකව හැසිරුණු එක්දරු පියා මාට්ටු

දුඹුරු වැස්සියකට ලිංගික ක්‍රියා සිදුකරමින් සිටි 47 හැවිරිදි පුද්ගලයෙකු පිළිබඳ පුවතක් බේරුවල ප්‍රදේශයෙන් වාර්තා වුණා.
අවුරුදු 03 ක් පමණ වන මෙම දුඹුරු වැස්සිය අයත් නිවසට, අසල්වැසි නිවසක සිටි සැකකාර පුද්ගලයෙකු විසින් මෙම ක්‍රියා සිදුකර තිබෙන බවයි හෙළි වී ඇත්තේ.
වැස්සිය අයිති නිවසේ පිරිස විසින් එම වැස්සිය බැඳදමා යන ස්ථානයේ, ටික වේලාවකට පසු එම වැස්සිය දකින්නට නොලැබීම නිසා නිවැසියන් විසින් මේ පිළිබඳව සොයා බැලීමට කටයුතු කර තිබෙනවා.
එහිදී දැක ගන්නට ලැබී ඇත්තේ අසල්වැසි නිවසේ පුද්ගලයෙකු පැමිණ එම වැස්සියව රැගෙන ගොස් ඔහුගේ ලිංගික කටයුතු සඳහා යොදා ගන්නා අයුරුයි.
මෙම පුද්ගලයා බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ විවාහක එක්දරු පියෙකු බවත් වෘත්තියෙන් ධීවර කටයුතුවල නිරතවන්නෙකු බවත් අදාළ නිවසේ හිමිකරුවන් පවසනවා.

මැලියම් වෙනුවට මිනිස් ශුක්‍රාණු ඉල්ලන සාරා

No comments
xwww

මැලියම් වෙනුවට මිනිස් ශුක්‍රාණු ඉල්ලන සාරා

විලාසිතා ලෝකය යනු දිනෙන් දිනම යාවත්කාලීන වන ක්ෂේත්‍රයක්.
ඒ වගේම විලාසිතා ලෝකය තුළ විවිධ අළුත් දෑ නිරන්තරයෙන්ම අත්හදා බැලෙනවා.
සාරා නමැති 28 හැවිරිදි විලාසිතා නිර්මාණ ශිල්පිණියත් ඒ වගේ අපූරු ඇඳුමක් නිර්මාණය කොට තිබෙනවා.
ඇය මේ ඇඳුම නිර්මාණය කිරීම සඳහා යොදාගෙන ඇත්තේ කාන්තා හිසකෙස් වීමයි එහි ඇති විශේෂත්වය.
සාරා ගැන විලාසිතා ලොකයේ අවධානය යොමු වී ඇත්තේ ඇගේ නිර්මාණය නිසාම පමණක් නොවේ.
දෙදරු මවක් ද වන සාරා තම ට්විටර් ගිණුම ඔස්සේ ඇගේ සරාගී ඡායාරූපයක් ද සමග දක්වා ඇති අදහසක් ද ඇය පිළිබඳ අවධානයට හේතු වී තිබෙනවා.
ඇය එම ඡායාරූපයත් සමග පවසා ඇත්තේ ඇගේ මීලඟ නිර්මාණය සිදුකිරීමේ දී මැලියම් ලෙස මිනිස් ශුක්‍රාණු භාවිත කිරීමට බලාපොරොත්තුවන බවත් කැමති අය ඒ සඳහා ශුක්‍රාණු පරිත්‍යාග කරන ලෙසත් ය.

බැංකුවේ ලිංගික වීඩියෝව ප්‍රචාරය කරපු අයට විරුද්ධව නීතිමය පියවර

No comments

yooooooooo

බැංකුවේ ලිංගික වීඩියෝව ප්‍රචාරය කරපු අයට විරුද්ධව නීතිමය පියවර

බැංකු ක්ෂේත්‍රයේ නිලධාරියෙක් සහ බැංකු සේවිකාවක අතර පැවති ලිංගික ඇසුරකදී ලබාගත්තායැයි කියන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වීමත් එයට වෙබ් අඩවි ඇතුළු සමාජ මාධ්‍ය හරහා ලබාදුන් ප්‍රතිචාරයත් සමඟ ඔවුන් දෙදෙනාට සිය ගේදොර පවා අතහැර යාමට සිදු වූ තත්ත්වය හමුවේ බරපතල මානව හිමිකම් කඩවීමක් සිදු වී ඇති බව මානව හිමිකම් සහ සමාජ ක්‍රියාකාරීහු රැසක් පෙන්වා දෙයි.
ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය පෞද්ගලිකත්වය අතික්‍රමණය කරමින් තමන්ගේ රේටින්ස් වැඩි කරගැනීම පමණක් අරමුණු කරගෙන ක්‍රියා කිරීම හේතුවෙන් අදාළ කාන්තාවගේත් පුරුෂයාගේත් මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි ඔවුන් ප‍්‍රකාශ කරයි.
වගකීමක් රහිත මාධ්‍යකරණයක නියැළීම හේතුවෙන් ඔවුන් දෙදෙනා මේ වන විට දැඩි අපහසුතාවයට පත්ව ඇති අතර ඔවුන් දෙදෙනා පමණක් නොව එම පවුල් වල දෙමව්පියන් සහෝදරයින් ඇතුළු බොහෝ පිරිසක් විවිධ අපවාදයන්ට ලක් වී සමාජයට මුහුණ දීමට නොහැකිව මානසිකව පීඩාවට පත් ව ඇති බවත් මානව හිමිකම් බරපතල ලෙස කඩවීම යටතේ මේ සඳහා නීතිමය පියවර ගත හැකි බවත් සිවිල් සංවිධාන රැසක් පෙන්වා දී ඇත.
පීඩාවට ලක් වූ පුද්ගලයින් දෙදෙනා නීතිමය පියවරයන් සඳහා ඉදිරිපත් වීම හෝ නොවීම ඔවුන්ගේ ඉදිරි තීරණයක් බවත් ඔවුන් ඉදිරිපත් වූවත් නොවූවත් මෙම වීඩියෝව පළ කරන ලද වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලයන් හරහා මේ සඳහා ප්‍රචාරයක් ලබා දුන් පුද්ගලයින්ට එරෙහිව අනිවාර්යයෙන් ඉදිරි දින කිහිපය තුළදී නීතිමය ක‍්‍රියා මාර්ග ගැනිමට කටයුතු කරන බව පවසයි.
මෙම සිදුවීම හේතුවෙන් ඔවුන් තම ජීවිත හානියක් සිදු කරගත්තේ නම් මෙම මාධ්‍ය සහ පහත් රසිකත්වයක් ලැබූ පිරිස්  ඔවුන් වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද යන්න ගැටළුවක් බවත් මෙවැනි සිදුවීමක් නැවත ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග මේ අවස්ථාවේම ගත යුතු බවත් ඒ සඳහා කිසි විටක නොපැකිළෙන බවත් ඔවුන් පෙන්වා දෙයි.

විවාහක පුද්ගලයින් දෙන්නෙක් අවුරුදු 18 තරුණියකට කාලයක් තිස්සේ කරපු අහස පොළොව නුහුලන අපරාධයක්

No comments
r

විවාහක පුද්ගලයින් දෙන්නෙක් අවුරුදු 18 තරුණියකට කාලයක් තිස්සේ කරපු අහස පොළොව නුහුලන අපරාධයක්

තම මිත්තණිය එක්ක නිවසක ජීවත්වුනු අවුරුදු18 ක තරුණියක්ව අවස්ථා කිහිපයකදීම දූෂණය කරපු පොල්ගහවෙල ප්‍රදේශයේ විවාහක පුද්ගලයන් දෙන්නෙක්ව ගම්වාසීන් කොටුකරගෙන තියෙනවා.
අවුරුදු දෙකක කාලයක ඉදලා මේ මිත්තණියට වගේම දූෂණයට ලක්වුනු තරුණියට තර්ජනය කරමින් තමයි මේ නින්දිත ක්‍රියාවකරලා තියෙන්නේ.
පසුගිය දවසක රෑ බීමතින් ආපු මේ පුද්ගලයන් දෙන්නා අර කියපු තරුණියට පහරදීලා තියෙනවා.
මේ කරදරය ඉවස ගන්න බැරිම තැන ඒ තරුණිය කෑ ගහන කොට ප්‍රදේශවාසින් ගෙදරට ඇවිත් තියෙනවා.
මේක දැකපු ගම්වාසීන් මේ කාමුකයන් දෙන්නව ගස්බැද හොදටම පහරදීලා කියලයි වාර්තා වෙන්නේ.
කාටවත් කරදරයක් නැතිව ජීවත් වන මේ  තරුණියගේ අම්මා මැදපෙරදිග රැකියාවක් කරනවාලු.
තාත්තා මීට අවුරුදු 5 කට කළින් රිය අනතුරකින් මියගිහිල්ලාලු.

Tuesday, July 12, 2016

නාමල් රාජපක්ෂ 18 තෙක් බන්ධනාගාරයට

No comments
Namal Rajapaksa arrested by FCID

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මින් මද වේලාවකට පෙර කොළඹ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය රජය සමයේ ක‍්‍රිෂ් සමාගම විසින් රගර් ක‍්‍රීඩාව ප‍්‍රවර්ධනය ක‍්‍රීඩා සමාජයකට ලබා දුන් රුපියල් මිලියන 70ක මුදලක් අස්ථානගතවීම ගැන ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද කැඳවා තිබූ මන්ත‍්‍රිවරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොටුව මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමේන් පසු ලබන 18 වැනිදා තෙක් බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(11) නියෝග කළේය.

ඔබට සතුටුද දැන් – මහින්ද අසයි

No comments
Mahinda Visits to Welikada Prisonබන්ධනාගාර ගත කර සිටින සිය පුතු බැලීමට හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා වැලිකඩ බන්ධනාගාරයට අද (11දා) පස්වරුවේ ගියේය.
එහිදී මාධ්‍යවේදින් ප්‍රශ්න විමසිමටත් පෙර ඔහු පැවැසුවේ ‘‘මට අහන්න තියෙන්නේ ඔබට සතුටුද දැන්’’යනුවෙනි.
‘‘මෙතන තියෙන වෙනස තමයි, දේශපාලඥයා තමයි කියන්නේ අහවල් කාලෙට අහවල් කෙනා ගන්නවා කියලා. හැබැයි ඊට වඩා ලොකු ජයග්‍රහණයක් අධිකරණයෙන් අපි ලැබුවා. විමල් වීරවංශ මහත්තයා දාපු පෙත්සම. නීතිවිරෝධී නිසා වැට් බද්ධ තාවකාලිකව තවත්වලා තියෙනවා. ඒක තමයි අපි මේකත් එක්කම සතුටු විදින කාරණය’’ යැයිද ඔහු පැවැසීය.
මේ අතර අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
එහි දැක්වෙන්නේ ‘‘මට චෝදනා කරලා මගේ දරුවෝ හිරේ දාලා මේගොල්ලෝ හිතනවානම් මගේ දේශපාලන ගමන නවත්වන්න ඒක මිරිඟුවක් විතරයි. මුලු පවුලම හිරකරත් මේ රටේ ජනතාව වෙනුවෙන් අපි දේශපාලනයේ නිරත වෙනවා.’’
Mahinda Rajapakse massege

ads

News

Latest News

Gossip

Gallery

News Videos