latest news

Showing posts with label Tips. Show all posts
Showing posts with label Tips. Show all posts

Tuesday, June 28, 2016

හිතුමතේ දත් මදින්න එපා හරියට ප්‍රථිපල ගන්න ඕනෙනම් දත් මදින ක්‍රමය මෙන්න

No comments

පුද්ගලයකුගේ ආකර්ෂණීය බව රැකගැනීමේ එක් සාධකයක් තමයි සුන්දර සිනහව. නමුත් බොහෝ පුද්ගලයින් තම දත් රැකගැනීමට අවධානය යොමු කරන්නේ නැහැ. ඔබ ලස්සනට සිටීමට උත්සාහ කරන කෙනෙක් නම් මුඛ සෞඛ්‍යය පිළිබඳව ද සැලකිලිමත් වීම ඉතාම වැදගත්. ඔබ දත් මදිනාවට සැක නැහැ. නමුත් අවශ්‍ය වන්නේ එය නිවැරදි ආකාරයට සිදු කිරීමයි.
දත් මැදීමේ මූලික ඉලක්ක 3ක් පවතිනවා
1. මුඛයේ අයහපත් ශුද්‍ර ජීවීන් සහ අපද්‍රව්‍ය ඉවත් කිරීම
2. මුඛයේ පවතින ආහාර කැබලි ඉවත් කිරීම
3. මුඛය නැවුම්ව පවත්වා ගැනීම
දත් මදින නිවැරදි ආකාරය:
උඩට පහළට සහ දෙපැත්තට දත් බුරුසුව ගෙන යාම වැරදි ක්‍රමයක්. මෘදුව රවුමට රවුමට දත් බුරුසුව හසුරුවමින් දත් මැදීම නිවැරදි ක්‍රමය වෙයි.
දත් දිනකට දෙවරක් අවම ලෙස ෆ්ලෝරයිඞ් අඩංගු දන්තාලේපයක් සහිතව විනාඩි 2-3 අතර කාලයක් මැදීම කළ යුතු වන්නේ පහත ක්‍රමවේදයට අනුවය.
1. බුරුසුව දත් මතු පිටට අංශක 45 ආනත ව සිටින ලෙස හරවන්න. උඩු ඇන්දේ දත් සඳහා උඩු පැත්තට ද යටි ඇන්දේ දත් මැදීමේ දී යටි පැත්තට ද බුරුසුව හැරවීම කළ යුතුය.
2. දත් මැදීමේ දී බුරුසුව කෙටි සෘජු ගමන් මාර්ගයක හසුරුවන්න. එක් වතාවකට දත් 2ක් පමණ මැදෙන ලෙස එක් ස්ථානයක් තත්පර 10ක් පමණ වේලා මැදිය යුතුය. බුරුසුව දත් වෙත තද කිරීම නොකළ යුතු අතර එල්ල කළ යුතු බර ආසන්නව ග්‍රෑම් 20කි. (නිවුටන් 2ක බලයක්)
< br >
3. ක්‍රමානුකූල ලෙස දත් මදින්න. පළමුව උඩු ඇන්ද සහ දෙවනුව යටි ඇන්ද ලෙස. එක් ඇන්දක පළමුව කම්මුල පැත්ත, දෙවනුව ඇතුළු පැත්ත සහ අවසාන ලෙස දත් මතුපිට. මෙමගින් දත් නොමැදී මගහැරීම වළකී.
දිනතට අවම ලෙස දෙවරක් දත් මැදීම වඩා හොඳය. නමුත් ඉතා හොඳින් ෆ්ලෝරයිඞ් සහිත දන්තාලේපයක් භාවිත කොට දත් මදින්නේ නම් ඔබට පැය 48 වරක් දත් මැදීමෙන් කිසිදු ප්‍රශ්නයක් මතුවන්නේ නැත.
යහපත් දන්ත සෞඛ්‍යයක් සදහා පිළිපැදිය යුතු කරුණු කිහිපයක් පහතින් දැක්වෙයි
1. දිනකට දෙවතාවක් දත් මදින්න.
2. වසරකට වරක්වත් දන්ත වෛද්‍යවරයකු ලවා ඔබේ මුඛ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරවා ගන්න.
3. දන්ත වෛද්‍යවරයකු යම් ප්‍රතිකාරයක් කළ යුතු තත්ත්වයක් ඔබේ මුව තුළ පවතින බවට ඔබට දැන්වුවහොත් කල් නොයවා එම ප්‍රතිකාර සිදු කරගන්න. නැතහොත් එම තත්ත්වය වැඩි වර්ධනය වී බැරෑරුම් අවස්ථා එළැඹිය හැකි අතර, නිවැරදි කිරීම සඳහා වන ප්‍රතිකාර සඳහා අධික වියදමක් දැරීමට ඔබට සිදුවනු ඇත.
4. ඔබ චුවින්ගම් හපනවා නම් විනාඩි 10කට පමණක් එය සීමා කරන්න.
බොහෝ අය ආහාර ගත පසුව මුඛය නැවුම්ව තබාගැනීම සඳහා චුවින්ගම් හැපීම සිදුකරයි. නමුත් එය බොහෝ වේලා සිදුකිරීම ගැටලු ඇතිවීමට හේතු කරයි. එම නිසා විනාඩි 10කට පමණක් එය සීමා කරන්න.
5. උදෑසන ආහාර වේලට පෙර දත් මදින්න.
බොහෝ දෙනා සිතන්නේ ආහාර ගත් විගස දත් මැදීම සුදුසු බවයි. නමුත් එය වැරදි අදහසක්. ඔබ ආහාර ගත් පසුව දත් මැදීමට පුරුදු වී ඇත්නම් ආහාර ගැනීමෙන් පසුව පැයක් පමණ සිට දත් මදින්න.
6. දත් මැදිමේදී දිව මදින්නට ද අමතක කරන්න එපා.
බැක්ටීරියා විශාල ප්‍රමාණයක් ඇත්තේ දිවේ බව ඔබ දන්නවද? එම නිසා දත් මදින විටදී දිව මදින්නට අමතක කරන්න එපා.

Monday, July 20, 2015

Mobile Phones Battery Bump

No comments


cx.u ÿrl;k j, negß bÈóu 

nd, j¾.fha negß blauksïu fufia bÈfuhs'fua ksid cx.u ÿrl;kh iu. ,enqkq negßh udre lrkafka kï ta i|yd fhÈh hq;= jkafka o tu j¾.fhau negßhls'tkï ksIamdolhd úiska ks¾foaY lr we;s j¾.fhau negßhls'fydo ;;ajfha we;s negßhla Wj;a .=Kd;aul núka wvq  pdc¾ j¾. Ndú;d lsÍfua§o negß h bÈfuhs' fua ksid lsisu úgl u,aá pdc¾ Ndú;d fkdl, hq;=h


ksIamdolhd úiska wkqu; lr we;s weïmsh¾ m%udKh iys; fjda,aàh;djh iys; pdcrhla ndú;d ls< hq;=h' negßfha we;s mßm:fha we;s jkakd jq fodaI ksido negßh bÈóug ,lafja'fua ksid negßfha wdhqld,h wvq fja' tfukau wdfrdamK mj;sk ld,iSudjo wvq fja' tfy;a bÈuqk negß Ndú;d lsÍu ksid ÿrl;kh ydkshla isÿ jkafka ke;'

ads

News

Latest News

Gossip

Gallery

News Videos