latest news

Saturday, December 3, 2016

ඉල්ලීම් දිනා නොගෙනම බස් වර්ජනය අතහරී

No comments


ඉල්ලීම් දිනා නොගෙනම බස් වර්ජනය අතහරී

ඊයේ දවස පුරා ජනතාවට පීඩා ඇති කරමින් රට පුරා පවත්වාගෙන ගිය වැඩ වර්ජනය මැදියම් රාත්‍රිය වනවිට අත්හැර දමන්නට එයට මුල්වූ බස් සංගම් තීරණය කර ඇත. 25000 දඩ පනවමින් අයවැය මගින් ඇති කළ දඩ සංශෝධන ඉවත්කරගන්නා ලෙස බලකරමින්
මෙම වර්ජනය
ක්‍රියාත්මකවූ අතර ඊයේ සවස 4ට සහ සවස 7 ට නිකුත් කළ මාධ්‍ය නිවේදන මගින්ද කියා තිබුනේ ඉල්ලීම් දිනන තුරු එය අඛණ්ඩව ඉදිරි දිනවලත් පවත්වා යන බවයි.

කෙසේ නමුත් මැදියම් රැයේ වර්ජනය අතහැර දමමින් සංගම් දන්වා ඇත්තේ ජනපති සාකච්ඡාවකට එකගවූ නිසා වර්ජනය අත්හැර දමන බවයි.
මෙම හේතුව ඇත්තම හේතුවදැයි පැහැදිලි නැත. මන්ද වර්ජනයට පෙර දින සවසත් ඔවුන් ජනපති හමුවී ඉල්ලීම් දිනාගන්නට අසමත්වීමෙන් පසුව වර්ජනයට ගිය නිසාය.

ඊයේ වර්ජනය අවස්ථාවේ ඒ ගැන පාඨකයින් දැක්වූ අදහස් අනුවද කියැවුනේ මාසිකව අධික ලීසිං වාරික ගෙවමින් ජනතාව නිසා බඩවියත රැකගනිමින් දුවන බොහෝ පුද්ගලික බස් රථවල දිනක ආදායම අහිමිවීම ඔවුනටම කරගන්නා පාඩුවක් බවයි.ඒ අනුව පෙනී යන්නේ දීර්ඝ වැඩවර්ජනවලට යාමට ඔවුන්ට හැකියාවක් නැති බවකි.

ads

News

Latest News

Gossip

Gallery

News Videos