latest news

Tuesday, July 12, 2016

නාමල් රාජපක්ෂ 18 තෙක් බන්ධනාගාරයට

No comments
Namal Rajapaksa arrested by FCID

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මින් මද වේලාවකට පෙර කොළඹ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය රජය සමයේ ක‍්‍රිෂ් සමාගම විසින් රගර් ක‍්‍රීඩාව ප‍්‍රවර්ධනය ක‍්‍රීඩා සමාජයකට ලබා දුන් රුපියල් මිලියන 70ක මුදලක් අස්ථානගතවීම ගැන ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද කැඳවා තිබූ මන්ත‍්‍රිවරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොටුව මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමේන් පසු ලබන 18 වැනිදා තෙක් බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(11) නියෝග කළේය.

ads

News

Latest News

Gossip

Gallery

News Videos