latest news

Tuesday, July 12, 2016

ඔබට සතුටුද දැන් – මහින්ද අසයි

No comments
Mahinda Visits to Welikada Prisonබන්ධනාගාර ගත කර සිටින සිය පුතු බැලීමට හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා වැලිකඩ බන්ධනාගාරයට අද (11දා) පස්වරුවේ ගියේය.
එහිදී මාධ්‍යවේදින් ප්‍රශ්න විමසිමටත් පෙර ඔහු පැවැසුවේ ‘‘මට අහන්න තියෙන්නේ ඔබට සතුටුද දැන්’’යනුවෙනි.
‘‘මෙතන තියෙන වෙනස තමයි, දේශපාලඥයා තමයි කියන්නේ අහවල් කාලෙට අහවල් කෙනා ගන්නවා කියලා. හැබැයි ඊට වඩා ලොකු ජයග්‍රහණයක් අධිකරණයෙන් අපි ලැබුවා. විමල් වීරවංශ මහත්තයා දාපු පෙත්සම. නීතිවිරෝධී නිසා වැට් බද්ධ තාවකාලිකව තවත්වලා තියෙනවා. ඒක තමයි අපි මේකත් එක්කම සතුටු විදින කාරණය’’ යැයිද ඔහු පැවැසීය.
මේ අතර අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
එහි දැක්වෙන්නේ ‘‘මට චෝදනා කරලා මගේ දරුවෝ හිරේ දාලා මේගොල්ලෝ හිතනවානම් මගේ දේශපාලන ගමන නවත්වන්න ඒක මිරිඟුවක් විතරයි. මුලු පවුලම හිරකරත් මේ රටේ ජනතාව වෙනුවෙන් අපි දේශපාලනයේ නිරත වෙනවා.’’
Mahinda Rajapakse massege

ads

News

Latest News

Gossip

Gallery

News Videos