latest news

Saturday, June 18, 2016

ස්ත්‍රී ආශාව නොදත් යුගයේ පිරිමින්ගේ අසහනය ගැන දැනගන්න

No comments
මේ යුගයේ පිරිමින් ප්‍රධාන වශයෙන්ම අසහනයට පත්වී ඇත්තේ ස්තියගේ ආශාව කුමක්දැයි කියා සොයා ගැනීමට නොහැකි වීම බව ප්‍රවීණ සිනාම හා කළා විචාරක දීප්ති කුමාර ගුණරත්න මහතා පවසනවා.

එසේම පෙම්වතුන්ගේ ප්‍රධාන ගැටලුව වී ඇත්තේ ආදරය කිරීමට නොදන්නාකම බවත් එම හේතුව නිසා ආදරය කුමන අකාරයෙන් විදිය යුතුද යන්න නොදන්නා බව ඒ මහතා පවසනවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ මෙවැනි නොදත් බොහෝ දේ ඉගෙන ගැනීමට ඉනෝකා සතයාංගනී මහත්මිය නිර්මාණය කල "සින්ඩරෙල්ලා" සිනමා නිර්මාණය රස විදීම මගින් හැකියාව ලැබෙන බවයි.
සුළං කිරිල්ලී නැමැති සිනමා පටය නිර්මාණය කරමින් ඉතා ජනාදරයට පත් වූ ඉනෝකා සත්‍යාංගනීගේ දෙවැනි සිනමා පටය වන්නේ සින්ඩරෙල්ලා ය.
මෙහි ප‍්‍රධාන භූමිකාවන් නිරූපණය කරන්නේ ජනප‍්‍රිය ටෙලි නාට්‍ය නිළි උපේක්ෂා ස්වර්ණමාලී හා ක‍්‍රිකට් ක‍්‍රීඩක අකලංක ගනේගමයි. මීට අමතරව ඉන්ද‍්‍රචාප ලියනගේ මෙන්ම පුබුදු චතුරංගද රංගනයෙන් දායක වෙති. 21 වන සියවසේ මහා පේ‍්‍රම කාව්‍යය ලෙස සින්ඩරෙල්ලා නම් කර තිබේ. මේ පිලිබදව මාධ්‍ය හමුවක් හෙට (02) වැනිදා කොළඹ විශ්ව විද්‍යාලයේ "Ceylon" ශාලාවේදී පස්වරු 2.00ට පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.


ads

News

Latest News

Gossip

Gallery

News Videos