latest news

Thursday, July 7, 2016

වේයන්ගොඩ වැඩිහිටි නිවාසයේ ජඩ වැඩ හෙළිවෙයි

No comments
elders-home

දෙමව්පියන් පොඩි කාලේ ඉදලා දරුවන්ව උස් මහත් කරගන්න ගන්නේ පොඩි මහන්සියක් නෙමෙයි.
ඒත් දෙමව්පියන්ගේ කර උසට දරුවන් ලොකු මහත් වුනාට පස්සේ සමහරක් දරුවන් අම්ම තාත්තාව හදුනන්නෙත් නැහැ.
අන්තිමට ඒ දෙමව්පියන් යන්නේ වැඩිහිටි නිවාස වලට.
එහෙම වැඩිහිටි නිවාස වලට එන දෙමව්පියන්ව ඒවායේ ඉන්න පාලිකාවන් වගේම සේවකයින් හොදින් බලා කියාගන්නවා.
ඒත් සමහරක් පාලිකාවන් වගේම සේවකයින් කරන්නේ ඒ දෙමව්පියන්ගේ දරුවන්ගෙන් මුදල් අරගෙන එයාලට නිසි සැලකිල්ලක් නොදැක්වීමයි.
මේ විදිහට නේවාසික වැඩිහිටියනට නිසි සැලකිලි නොදක්‌වමින් වේයන්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වැඩිහිටි නිවාසයක්‌ පහුගිය 4 වැනිදා හදිසි වැටලීමක් කළා.
මේක කළේ සමාජ සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක්‌ විසින්.
නිසි ප්‍රතිකාර නොකර රඳවාගෙන හිටපු රෝගීන් රෝහල්ගත කිරීමටත් වැඩිහිටියන්ට ප්‍රතිකාර කළ සුදුසුකම් රහිත වෛද්‍යවරියට හා වැඩිහිටියන් අපහසුතාවට ලක්‌ කළ පාලනාධිකාරියට නීති මගින් කටයුතු කරන්න තීරණය කළා.
මොවුන් මේ ආයතනයේ දෙවැනි මහලේ වැඩිහිටියන් රඳවා තැබීම, නිසි සුදුසුකම් රහිත වෛද්‍යවරියක්‌ රෝගීන් පරීක්‍ෂාවට හා ප්‍රතිකාර සඳහා යෙදවීම, දෛනික ආහාර වට්‌ටෝරුවල ප්‍රදර්ශනය කර ඇති ආහාර වැඩිහිටියන්ට ලබා නොදීම, අවශ්‍ය සුදුසුකම් නැති වෛද්‍යවරියක්‌ යෙදවීම තුළින් වැඩිහිටි ජීවිත අවදානමක්‌ ඇති කිරීම මෙම වැටලීමේදී නිලධාරීන්ගේ අවධානයට ලක්‌ව තිබුණා.
ඒ වගේ මෙහිදී අසාධ්‍ය තත්ත්වයෙන් රඳවා ගෙන හිටපු වැඩිහිටි රෝගීන් දෙදෙනකු වතුපිටිවල රෝහල වෙත යෑවීමටද කටයුතු කළා.
මේ වැටලීම අතරවාරයේ එහි හිටපු මව්වරුන් වගේම පියවරුන් කැමරාවට තමන්ගේ දුක කිව්වේ හඩා වැලෙපෙමින්.



ads

News

Latest News

Gossip

Gallery

News Videos