latest news

Monday, July 11, 2016

බැංකුවේ වීඩියෝව ෆේස්බුක් එකට දැම්ම හැලපයා පේජ් එක පිළිබඳ විමර්ශන ආරම්භ කෙරේ

No comments
v

ආන්දෝලනයට තුඩු දුන් බැංකු නිලධාරීන් දෙදෙනාගේ වීඩියෝව අන්තර්ජාලයට මුදා හරිමින් සහ එයට අසීමිත ප්‍රතිචාරයක් ලබාදීමට කටයුතු කළ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යජාල වලට විරුද්ධව සිවිල් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යන පුවත අපි ඔබට හෙළි කළා.
ඒ අනුව මේවන විට එම වීඩියෝව ප්‍රචාරය කරන ලද වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යජාල රැසකින් එම වීඩියෝව මකාදැමීමට කටයුතු කර ඇති අතර ශ්‍රීලංකා පරිගණක අපරාධ හදිසි ප්‍රතිචාර අංශය මඟින් මෙම වීඩියෝව ෆේස්බුක් මාධ්‍යජාලයට පළමු වෙන්ම මුදා හැර ඇති ෆේස්ස්බුක් පේජයද හඳුනාගෙන තිබෙනවා.
එම පේජය ලයික් 75,000ක් පමණ ඇති හැලපයා නම් පේජයක් බවත් එම පේජය හසුරුවනු ලබන තැනැත්තා පිළිබඳ මේ වන විට පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව ද වාර්තා වනවා.
හැලපයා නම් ෆේස්බුක් පේජ් එක හරහා බොහෝ දෙනෙක් මෙම වීඩියෝව ඩවුන්ලෝඩ් කර ඇති අතර ඒ හරහා බොහෝ දෙනෙක් මෙම වීඩියෝව ෂෙයාර් කිරීමට ද කටයුතු කර ඇත.
කෙසේ වෙතත් මේ මොහොත වන විට එම පේජයෙන්ද අදාළ වීඩියෝව මකා දැමීමට කටයුතු කර තිබේ
විඩියෝ බැලිමට පිවිසෙන්න මෙතනින් – http://goo.gl/h2kMW6

ads

News

Latest News

Gossip

Gallery

News Videos