latest news

Wednesday, June 22, 2016

මැරුණ තරුණයා ගැන තරුණිය කියපු කතාව බලෙන්ම රූම් වලට ගෙනිච්චා

No comments
Moratuwaඅවිවාහක තරුණයකු ප්‍රේම සම්බන්ධතාවයක්‌ පැවැත්වූ විවාහක කාන්තාවක්‌ ඉදිරිපිට සිය ශරීරයට පෙට්‍රල් වත්කර ගිනි තබාගෙන සියදිවි නසා ගැනීමේ පුවතක්‌ කොළඹ නාගරික හදිසි මරණ පරික්‍ෂණ උසාවියේ පැවැති සාක්‌කි විභාගයදී අනාවරණය විය.
මෙලෙස දිවි නසාගෙන ඇත්තේ අහුංගල්ල, මාකුඹුර පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙකි
මේ සම්බන්ධ මරණ පරීක්‍ෂණය කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂිකා ඉරේෂා දේශානි සමරවීර මහත්මිය හමුවේ පැවැති අතර එහිදී සාක්‍ෂි දුන් මියගිය තරු ණයාගේ පියා වන (51) හැවිරිදි අය මෙසේ පැවැසීය.
“මියගොස්‌ සිටින්නේ මගේ දරුවා. පුතාට ප්‍රේම සම්බන්ධයක්‌ තිබුණා. ඒක නවත්වන්න කියලා අපි එයාට අවවාද කළා. නමුත් ඔහු ඒක නැවැත්තුවේ නැහැ. නිතර නිතර මේ ගැහැණු කෙනාම මොහු අපේ ගෙදරට රැගෙනවිත් තිබෙනවා. නමුත් අපි කැමති වුණේ නැහැ. 2016.05.26 වැනිදා මට දුරකථන ඇමතුමක්‌ ආවා පුතා ගිනි තියාගෙන කියලා.”
මෙහිදී සාක්‍ෂි දුන් මියගිය තරුණයා ප්‍රේම සම්බන්ධයක්‌ පැවැත්වූ බව කියන (24) හැවිරිදි කාන්තාව මෙසේ පැවසුවාය.
“මම පෞද්ගලික ආයතනයක වැඩ කළේ. 2013 දී මම ඒකෙන් අයින් වුණා. ඒ කාලේ මේ මියගිය අය එකේ වැඩට ආවා. ඒ අතරතුර තමයි මා ඔහුව හඳුනා ගත්තේ. මොහු මුලින් මගේ කැමරාව අරගෙන ඊට පස්‌සේ මගේ ෆොටෝ අරන් ඒවා එඩිට්‌ කරලා මාව බය කරන්න ගත්තා ගෙරදට ඇවිත් කියනවා කියලා. 2014 දී නැවත මම වැඩට යන්න ගත්තා. පසුව ඔහු හැම සතියකම මගේ ෆොටෝ ගෙදරට දෙනවා කියලා කොහේ හරි බලෙන් එක්‌කරගෙන යන්න ගත්තා. මම මාසයක්‌ විතර වැඩට ගියා. මොහු කරදර කරන නිසා මා රස්‌සාවෙන් අයින් වුණා. ඒත් මට ඔහු ඉන්න දුන්නේ නැහැ. නැවත නැවත ඔහු මට ෆෝන් එකට කතා කරලා තැනින් තැන රැගෙන ගියා. එහිදී බලෙන්ම රූම් වලට ගෙනිච්චා. පසුව මා මාස ගණනක්‌ මොහුව ක්‍රමයෙන් මග ඇරලා සිටියා. පසුව මම නැවත වෙනත් ආයතනයක වැඩට යන්න ගත්තා. 2015 දෙසැම්බර්වල ඉඳලා මම ඒ සියල්ල එයාගේ අම්මට කතා කරලා කිව්වා. එයාගේ අම්මා රුපියල් 12,000 ක්‌ ගත්තා සීනියි, ලුණුයි වගයකුයි එක්‌ක. මොනවද දේවාලයකට ගිහින් කරනවා කියලත් කිව්වා. ඒත් කිසිම දෙයක්‌ වුණේ නැහැ. මොහු ගිය අවුරුද්දේ සැප්තැම්බර් 29 වැනිදා මගේ ගෙදර අයටත් මගේ ෆොටෝ පෙන්නුවා. ඔහුට ඕන වුණේ මගේ මහත්තයාව ගෙදරින් යවන්න. නමුත් මහත්තයා තරහවෙලා ගියේ නැහැ.”
“පසුව ඔහු නැවත කරදර කරන්න පටන් ගත්තා. මම ඔහුට කීවා පොලිසියට යනවා කියලා. එතකොට ඔහු කීවා ෆොටෝ ටික පෙන්නුවාම කොහාමත් පවුල කැඩෙනවානේ කියලා. 2015 දෙසැම්බර් මාසේ දවසක ඔහු සමග එන්න බැහැ කිව්වාම ඔහු මට පාරේදීම ගහලා කොණ්‌ඩෙන් ඇදගෙන ගිහින් බසයකට නැග්ගා. පසුව මා අඬලා අඬලා ගෙදර ආවා. නැවත මම ඔහුගේ අම්මට සිද්ධ වුණු දේ කිව්වා. අම්මා තාත්තාව එව්වා. මාව එදා ගෙනියන එක නවත්වන්න. තාත්තා ඉස්‌සරහම ඔහු මගේ කම්මුලට ගැහුවා. තාත්තා ඊට විරුද්ධව මොනවක්‌ කතා කළේ නැහැ. ඔහුට මාව ඕන වුණාම මට කරදර කරන්න පටන් ගත්තා. ගහන්න ගත්තා. මට ඉවසන්නම බැරි වුණාම මම කිව්වා මං මේගැන ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක්‌ කළා කියලා. ඊට පස්‌සේ ඔහු බය වුණා.”
“2016.05.23 වැනිදා ඔහු මගේ ෂොප් එකට ඇවිත් මේ සම්බන්ධය නවත්වන්න එපා කිව්වා. මම ඔහුව ගණන් ගත්තේ නැහැ. එවිට මගේ මේසය උඩ තිබුණ වීදුරුව කෑවා. එවිට ඔහුගේ කටින් ලේ වැක්‌කෙරෙන්න ගත්තා. වමනය කළා. පසුව මම වැඩ කරලා ඉවරවෙලා ගෙදර ආවා.”
“2015 මැයි 16 වැනිදා උදේ 10.00 ට විතර මා වැඩට ආවා. මම එනවිට ඔහු මට බයික්‌එක නවත්වන්න කිව්වා. පසුව ඔහු මගේ බයිසිකලයේ බ්‍රේක්‌ එක අල්ලාගෙන ඔහේ කතා නොකර බලාගෙන හිටියා. එතන ඉන්න බැරි නිසා අපි ඉස්‌සරහට ගිහින් කතා කරමු යෑයි ඔහු කීවා. පසුව අපි ඔය සිද්ධියවූ තැනට ආවා. ඔහු වචනයක්‌වත් කතා නොකර අතේ බෑග් එකක්‌ තියාගෙන හිටියා. මම කිව්වා ඉක්‌මනට කියන දෙයක්‌ කියන්න මට යන්න පරක්‌කු වෙනවා කියලා. ඒත් කිසිම දෙයක්‌ නොකියා මට යන්න නොදී කතා නොකර සිටියා. අන්තිමට මම කිව්වා එහෙනම් තමුසේ ඔහොම ඉන්නවා මම පොලිසියට යනවා කියලා. එතකොටම ඔහු බෑග් එකේ තිබුණ බෝතලයක්‌ අරන් ඔලුවේ පෙට්‍රල් හලා ගත්තා. එවිට මම කෑ ගැහුවා. කව්රුවත් ළඟට ආවේ නැහැ. පසුව ඔහු ගිනිකූරු තුනක්‌ හතරක්‌ ගැහුවා. ඒත් ඒවා පත්තුවුණේ නැහැ. ඊළඟට ගැසූ ගිනිකූර දැල්වුණා. ඔහු ඇඟ ගිනි ගනිද්දීත් මගේ ඇඟටත් ගින්දර විසි කළා. මම මගේ බයික්‌ එක අරගෙන එතන තිබූ ස්‌ටෝර්ස්‌ එකට දැම්මා. එතකොටත් ඔහු එතනට දිවවිත් ඔහුගේ ගිනි ගනිමින් තිබූ ෂර්ට්‌ එක මගේ ඇඟට දැම්මා. නමුත් මට මොකුත් වුණේ නැහැ. පස්‌සේ එතන හිටිය ආරක්‍ෂක නිලධාරියෙක්‌ එයාව එළියට ඇදලා දාලා ගේට්‌ටුව වැහුවා. පසුව මාත් එළියට ගියා. එතකොට මා දැක්‌කා ඔහු කාණුවක වැටී සිටිනවා. එතන සිටි මනුස්‌සයෙක්‌ වතුර තිබූ මෙගා බෝතලයකින් ඔහුට වතුර දමමින් සිටියා. ඊට පසු ඔහු ඇවිදගෙන ආවා. මට එතන සිටි අය කිව්වා පොලිසියට යන්න කියලා. මාව බේරා ගන්න කියා ඔහු කෑ ගැසුවා. අනතුරුව එතනට ආ ගිලන් රථයකින් ඔහුව රෝහලට රැගෙන ගියා.
කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් මහතා විසින් මියගිය අයගේ පශ්චාත් මරණ පරික්‍ෂණය පවත්වන ලද අතර ඉදිරිපත් වූ සාක්‍ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂිකා ඉරේෂා දේශානි මහත්මිය මෙම මරණය පෙට්‍රල් ශරීරයට හලාගෙන ගිනි තබාගෙන සිදුකරගත් සියදිවි නසා ගැනීමක්‌ බවට නිගමනය කළාය.
මොරටුව මූලස්‌ථාන පොලිසියේ පොලිස්‌ සැරයන් ගමගේ (46092) සහ මරදාන පොලිසියේ පොලිස්‌ සැරයන් ලාල් පතිරණ (27689) යන නිලධාරීහු මෙහිදී සාක්‍ෂි මෙහෙය වූහ.

ads

News

දුවගේ ප්‍රේමයට තිත තියන්න තාත්තා මාළු කපන පිහිය පාවිච්චි කරලා
කොටවිල වරකාපිටිය ප්‍රදේශයේ පියකු විසින් මාළු කපන පිහියකින් විසි එක් හැවිරිදි දියනියක් කපා තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්...
වසර 29 කට පසු ජනවාරි 26 වනදා සිදුවන සෙනසුරු මාරුවේ පලාපල
එළඹෙන 26 වන ගුරු දින රාත්‍රි 07.19 ට පමණ ශනි ග්‍රහයා දැනට ගමන් කරන කුජ හිමි වෘශ්චික රාශියේ සිට තමාට සම රාශියක්‌ වන ගුරු හිමි ධනු...

Latest News

දුවගේ ප්‍රේමයට තිත තියන්න තාත්තා මාළු කපන පිහිය පාවිච්චි කරලා
කොටවිල වරකාපිටිය ප්‍රදේශයේ පියකු විසින් මාළු කපන පිහියකින් විසි එක් හැවිරිදි දියනියක් කපා තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටවිල පොලීසිය විසින් හතළිස හය...
වසර 29 කට පසු ජනවාරි 26 වනදා සිදුවන සෙනසුරු මාරුවේ පලාපල
එළඹෙන 26 වන ගුරු දින රාත්‍රි 07.19 ට පමණ ශනි ග්‍රහයා දැනට ගමන් කරන කුජ හිමි වෘශ්චික රාශියේ සිට තමාට සම රාශියක්‌ වන ගුරු හිමි ධනු රාශියේ කේතුට අයත් මුල නැකතේ පළමු...
බදුලු කෝච්චියේ බෝම්බ කතාව පිටුපස සිටි මේ අවුරුද්දේ උසස් පෙළ ලියන සිසුවිය ගැනයි
බදුල්ල බලා යන රාත්‍රි තැපැල් දුම්රියේ බෝම්බයක්‌ තිබෙන බවට පොලිසිය වෙත අසත්‍ය තොරතුරක්‌ ලබා දීමේ චෝදනාව මත කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් දහඅට හැවිරිදි පාසල්...
පහරදී රෝහලේ හිටපු බිරිඳට කැතම වැඩක් කරපු නරුම ස්වාම පුරුෂයෙක්
සිය පුරුෂයා පහරදීම නිසා කෑගල්ල මහ රෝහලෙ ප්‍රතිකාර ලබමින් සිටි එක්දරු මවකට යළි ඊයෙ (5දා) අලුයම ස්වාමිපුරුෂයා පැමිණ පහර දෙමින් සිටියදී රෝහල් කාර්ය මණ්ඩලය විසින් බේරාගෙන...
අලියා බාත් සජීවී වැඩසටහනකදී එක අතක් අනෙක් පැත්ත හරවයි – ශාරුක් කොරවෙයි
අලියා බාත් සජීවී වැඩසටහනකදී එක අතක් අනෙක් පැත්ත හරවයි – ශාරුක් කොරවෙයි
Esha Dolly New Photoshoot
Esha Dolly New Photoshoot
තාප්ප ගලවා ඉවත් කළ මර්වින් සිල්වාට ලක්ෂ 4 ක දඩ
මින් වසර 6 කට පෙර 2010දී හිටපු ඇමති මර්වින් සිල්වා කිර්බත්ගොඩ ප්‍රදේශයේ මාර්ග පුළුල් කිරීමේ කටයුතු වලදී සෘජුව මැදිහත්වූ අයුරු රූපවාහිනියෙන්ද බොහෝ අයට නරඹන්නට...
ඉල්ලීම් දිනා නොගෙනම බස් වර්ජනය අතහරී
ඉල්ලීම් දිනා නොගෙනම බස් වර්ජනය අතහරී ඊයේ දවස පුරා ජනතාවට පීඩා ඇති කරමින් රට පුරා පවත්වාගෙන ගිය වැඩ වර්ජනය මැදියම් රාත්‍රිය වනවිට අත්හැර දමන්නට එයට මුල්වූ බස් සංගම්...

Gossip

පහරදී රෝහලේ හිටපු බිරිඳට කැතම වැඩක් කරපු නරුම ස්වාම පුරුෂයෙක්
සිය පුරුෂයා පහරදීම නිසා කෑගල්ල මහ රෝහලෙ ප්‍රතිකාර ලබමින් සිටි එක්දරු මවකට යළි ඊයෙ (5දා) අලුයම ස්වාමිපුරුෂයා පැමිණ පහර දෙමින් සිටියදී රෝහල් කාර්ය මණ්ඩලය විසින් බේරාගෙන...
Room Gssip
rEï hkav l,ska  weu;sf.a *q,a tfla fï ojia j, ks,sfhda fiÜ tl *q,a j, neye,d ìlsks msáka fmdfgdaia .y,d f*ia nqla tfla tfyu odk WKla ;sfhkjd fka' Tkak ´l mgka...
How doctors and nurses freeze without magic power
uka;% n,hlska f;drj z.,aùfï l;dfõZ i;H fukak zuka;% n,hlska f;drj uu o .,a jqfKñZ hk ud;Dldj Tiafia úfYaI{ ffjoH wdßhfiak hQ' .uf.a uy;d úiska miq.sh...
Father of girl child rape victim
ÿjf.a hykg ieñhdj hejQ ìß|la ÿIKhg ,lajQ nd,jhialdßhg mshdf.ka orefjla  kegqï Ys,amshl= jQ ;u ieñhdf.a iy ;u 13 yeúßÈ nd, jhialdr Èh‚hf.a iïnkaOhla fmd,sishg...

Gallery