සිය පුරුෂයා පහරදීම නිසා කෑගල්ල මහ රෝහලෙ ප්‍රතිකාර ලබමින් සිටි එක්දරු මවකට යළි ඊයෙ (5දා) අලුයම ස්වාමිපුරුෂයා පැමිණ පහර දෙමින් සිටියදී රෝහල් කාර්ය මණ්ඩලය විසින් බේරාගෙන ඇති කාන්තාවක් පිළිබද කෑගල්ල මහ රෝලෙන් වාර්තා වෙයි.
මෙලෙස ප්‍රතිකාර ලබමින් සිටින්නේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිද එක්දරු මවකි. කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන කාන්තාව සිය සැමියා සමග අමනාප වී දරුවා රැගෙන මවුපියන් ළගට ගොස් ජීවත් වෙමින් සිට ඇත.
පසුව ඔහු බිරිය පදිංචිවී සිටින නිවෙසට ගොස් පහරදී ඇති අතර, ඇයගේ මවුපියන් විසින් කෑගල්ල මහ රෝහලට ඇයව ඇතුළත් කර සිට ඇත.
ඊයෙ (15දා) අලුයම යළි මෙම කාන්තාවගේ සැමියා ඇය බැලීමට කෑගල්ල මහ රෝහලට ගොස් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සිය බිරියට පහරදී ඇත. මේ අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩලය ඇය බේරාගෙන ඇත.
උපුටා ගැනීම මව්බිම පුවත්පතෙන්
දමුණුපොළ – චමින්ද ජයලත්
දමුණුපොළ – චමින්ද ජයලත්