දඹුල්ල උසාවිය ඉස්සරහ අද ලොකු කලබලයක් ඇති වුණා.
ඒකට හේතු වුනෙන් ඒ කිට්ටුව හිටපු ත්‍රිරෝද රථ රියදුරෙක් ගාවට ඇවිත් ගිනි අවියක් අරන් ආපු කෙනෙක් තර්ජනය කළ නිසා.
එයා පිස්තෝලයක් අරගෙන ත්‍රිරෝද රථයේ රියදුරාගේ හිසට ගිනිඅවිය එල්ල කරලා මරණවා කියලා තර්ජනය කරලා.
ඒත් පිස්තෝලය පත්තු වෙන්න ඉස්සෙල්ලා ත්‍රිරෝද රථයේ රියදුරා ගිනිඅවියේ එල්ලිලා.
ඒත් එක්කම දෙන්නා පාර මැද පොරබදලා.
ඒ වෙලාවේ පොලීසිය ඇවිත් ත්‍රිරෝද රථ රියදුරා බේරගෙන.
පොලීසියේ අයටත් මෙයාව මෙල්ල කරලා ගිනිඅවිය උදුර ගන්න එක ඒතරම් ලේසි වෙලා නැහැ.
මේ හැමදෙයක්ම ත්‍රිරෝද රථ රියදුරාගේ මිතුරෙක් ජංගම දුරකථනයකින් වීඩියෝ කරලා.
ගිනිඅවිය ගත්තු මැරයයි, එයා ආපු වෑන් රථයයි දැන් දඹුල්ල පොලීසියෙන් අත්අඩංගුවට අරගෙන.
මේ අය කවුද ? ත්‍රිරෝද රථ රියදුරා මරන්න හැදුවේ ඇයි ? මේ ගිනි අවිය අපරාධ වලට යොදාගත්තු එකක් ද කියලා මේ වෙන කොට පොලීසිය පරීක්ෂණ පවත්වනවා.