latest news

Saturday, June 18, 2016

මහියංගනයේ පාළු පැත්තක දැරියක් දූෂණය කර මරා දමා තිබුණු හැටි

No comments
මහියංගන, රිදිමාලියද්ද මොරාන ගම්මානයේ වයස අවුරුදු 09ක පාසැල් දැරියක් පාසැල නිමවී ඇයගේ නිවස බලා යමින් සිටියදී කැලයට රැගෙන ගොස් මරා සිරුර ඇලක තිබී ඊයේ (17) සවස 4.30ට පමණ සොයාගෙන තිබෙනවා. ඇයව දූෂණය කර දැරිය මරා දමන්නට ඇතිදැයි සැක කරන බව පොලිසිය පවසනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මල්කි සඳමාලි නැමැති වසය අවුරුදු 09ක් වූ  කුඩාලුණුක කණිෂ්ඨ විද්‍යාලයේ  04 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දැරියක්.   යල්වෙල, කුඩාලුණුක සිට ඇය පාසැල නිමවී කිලෝමිටර් 3ක් පමණ පාගමනින් මොරාන දක්වා දිනපතා පැමිණෙන බව දැනගන්නට ලැබෙනවා.

වෙනදා මල්කි දැරිය පාසැල නිමවී  නිවසට පැමිණෙන වේලාවට දැරිය නිවසට පැමිණ තිබුනේ නැති අතර ඒ  සම්බන්දයෙන් ඇය සමඟ පැමිණෙන මල්කිගේ යෙහෙලියන් විමසා බැලිමේදි ඔවුන් නිවෙස් වෙත පැමිණ තිබුනද ඇය නිවසට නොපැමිනිම ගැටලුවක් විය.

දැරියට මාර්ගයේදි රිය අනතුරක්වත් වුවාදැයි සැකකර ගම්වාසින් සමග දෙමාපියන් ඇය පැමිනෙන මොරාන කුඩා ලුණුක මාර්ගය පරික්ෂා කර බැලීය. මාර්ගයේ එක් ස්ථානයක කැළය දෙසට සැකකටයුතු බයිසිකල් රෝදපාරක් තිබු බවත්, ඒ දෙසට ගහ කොළ තැලී පොඩි වි තිබිම හේතුවෙන් ඒ පිලිබද සැක සිති කැළය තුල පිරික්සිමේදි මොරාන, පනුල්ල ප්‍රදේශයේ ඉමකදුරේ තිබී ඇයගේ නිසල දේහය ගම්වාසින් විසින් සොයාගෙන ඇත. මෙම ප්‍රදේශය නිවාස නොමැති පාළු ප්‍රදේශයකි.

එහිදී එක් ස්ථානයක දැරියගේ පාසැල් පොත් බෑගය තිබී හමු වූ අතර ඒ අසලම ඇය හැද සිටි යට කලිසම සොයා ගත් අතර එයට මද දුරක් ඈතින් ගලා යන ජල පහරක් තුල පාසැල් නිළ ඇදුමෙන් සැරසී සිටි ඇයගේ මෘත දේහය සොයාගෙන ඇත.

ගම්වාසින් චෝදනා කරන්නේ මෙම ප්‍රදේශයේ ඉහලගොස් ඇති කසිප්පු හා ගංජා හා සූදු කෙලි හේතුවෙන් මෙවැනි අපරාධ ප්‍රදේශයේ සිදු වන බවත් ඒවා මර්ධනය නොකලහොත් මීට වැඩි අපරාධ රැසක් සිදු විය හැකි බවයි.

“පොලිසියට අල්ලන්ඩ බෑ..මෙතනින් පටන්ගත්තම මහියංගනයට යනකම් අන්තර්ජාලය වගේ ටෙලිෆෝන්. පොලිසියෙන් ඇවිත් කොහෙන් හොයන්නද. ඔත්තු දෙන අය හැමතැනම“ යැයි ගම්වාසියෙකු පැවසීය.

මහියංගන පොලිසිය විසින් පොලිස් නිළ සුනඛවන් යොදවා අපරාධකරුවන් ඇල්ලිම සදහා කටයුතු කල අතර තවදුරටත් පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි.

ads

News

Latest News

Gossip

Gallery

News Videos