latest news

Friday, January 6, 2017

බදුලු කෝච්චියේ බෝම්බ කතාව පිටුපස සිටි මේ අවුරුද්දේ උසස් පෙළ ලියන සිසුවිය ගැනයි

No comments
al

බදුල්ල බලා යන රාත්‍රි තැපැල් දුම්රියේ බෝම්බයක්‌ තිබෙන බවට පොලිසිය වෙත අසත්‍ය තොරතුරක්‌ ලබා දීමේ චෝදනාව මත කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් දහඅට හැවිරිදි පාසල් ශිෂ්‍යාව රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ඊයේ (04 වැනිදා) නියෝග කළාය.
මෙහිදී මහෙස්‌ත්‍රාත්වරිය මෙම පාසල් ශිෂ්‍යාවට දැඩි ලෙස අවවාද කළ අතර ඇගේ දෙමාපියන්ට ද තම දියණිය කෙරෙහි මීට වඩා අවධානයකින් සිටින ලෙස අවවාද කර තිබේ.
මෙම පාසල් ශිෂ්‍යාවගේ පෙම්වතා මිතුරන් පිරිසක්‌ සමඟ ඉකුත් 26 වැනිදා බදුල්ල බලා යන රාත්‍රි තැපැල් දුම්රියෙන් හැටන් ප්‍රදේශයේ චාරිකාවක්‌ යැමට සූදානම් කරගෙන සිට ඇත. මෙම චාරිකාව යැමට පාසල් ශිෂ්‍යාව කැමැත්ත පළ කර නැත.
පාසල් ශිෂ්‍යාව තම පෙම්වතාගේ විනෝද චාරිකාව නතර කිරීමේ අරමුණෙන් ඔහු මිතුරන් සමඟ හැටන් බලා ගමන් ගැනීමට නියමිතව තිබූ තැපැල් දුම්රියේ බෝම්බයක්‌ තිබෙන බවට පොලිසියට දැනුම් දීමක්‌ කර තිබූ බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.
පාසල් ශිෂ්‍යාව 119 හදිසි ඇමතුම් ඒකකය වෙත ඇමතුමක්‌ ලබා දී පවසා ඇත්තේ තමන් බදුල්ල බලා යන රාත්‍රි තැපැල් දුම්රියේ ගමන් කරන තරුණියක්‌ බවත්, තමන් අසල සිටි පුද්ගලයකු වෙනත් අයකු සමඟ දුරකථනයෙන් කතා කර බදුල්ල දුම්රියේ බෝම්බයක්‌ සවිකළ බව පැවසූ බව තමන්ට ඇසුණු බවත්ය.
එම තොරතුර සැලවීමෙන් පසු කොටුව දුම්රිය ස්‌ථානයට පැමිණි පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය බදුල්ල බලා යැමට තිබූ රාත්‍රි තැපැල් දුම්රිය දැඩි පරීක්‍ෂාවට ලක්‌ කළහ.
එහෙත් සැකකටයුතු කිසිවක්‌ සොයා ගැනීමට පොලිසිය සමත් නොවීය. හදිසි ඇමතුම් අංශයට ලැබුණු දුරකථන ඇමතුම පිළිබඳව සැක පහලකළ කොටුව පොලිසිය ඒ පිළිබඳව සොයා බැලීමේදී හෙළි වූයේ මෙම තොරතුර අසත්‍ය එකක්‌ බවය.
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් පතිනායක මහතාගේ උපදෙස්‌ මත පරීක්‍ෂණ පැවැත්වූ කොටුව පොලිස්‌ ස්‌ථානාධිපති ගුණරත්න මහතා ඇතුළු නිලධාරීහු මෙම ඇමතුම ලබාදුන් තරුණිය සොයා ගත්හ.
කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි තරුණිය 18 හැවිරිදි වියේ පසුවන පාසල් ශිෂ්‍යාවකි. ඇය මේ වසරේ අ.පො.ස උසස්‌ පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින ශිෂ්‍යාවකි.
කොටුව මහෙස්‌ත්‍රාත්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මෙම ශිෂ්‍යාව කර ඇති වරද ඉතාම බරපතළ එකක්‌ බවත් ඇය අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින ලාබාල ශිෂ්‍යාවක්‌ නිසා අවවාද කර ඇප මත මුදා හරින බවත් ය.
හේමන්ත රන්දුණු සහ ඒ. ඡේ. ඒ. අබේනායක
දිවයින

ads

News

දුවගේ ප්‍රේමයට තිත තියන්න තාත්තා මාළු කපන පිහිය පාවිච්චි කරලා
කොටවිල වරකාපිටිය ප්‍රදේශයේ පියකු විසින් මාළු කපන පිහියකින් විසි එක් හැවිරිදි දියනියක් කපා තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්...
වසර 29 කට පසු ජනවාරි 26 වනදා සිදුවන සෙනසුරු මාරුවේ පලාපල
එළඹෙන 26 වන ගුරු දින රාත්‍රි 07.19 ට පමණ ශනි ග්‍රහයා දැනට ගමන් කරන කුජ හිමි වෘශ්චික රාශියේ සිට තමාට සම රාශියක්‌ වන ගුරු හිමි ධනු...

Latest News

දුවගේ ප්‍රේමයට තිත තියන්න තාත්තා මාළු කපන පිහිය පාවිච්චි කරලා
කොටවිල වරකාපිටිය ප්‍රදේශයේ පියකු විසින් මාළු කපන පිහියකින් විසි එක් හැවිරිදි දියනියක් කපා තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටවිල පොලීසිය විසින් හතළිස හය...
වසර 29 කට පසු ජනවාරි 26 වනදා සිදුවන සෙනසුරු මාරුවේ පලාපල
එළඹෙන 26 වන ගුරු දින රාත්‍රි 07.19 ට පමණ ශනි ග්‍රහයා දැනට ගමන් කරන කුජ හිමි වෘශ්චික රාශියේ සිට තමාට සම රාශියක්‌ වන ගුරු හිමි ධනු රාශියේ කේතුට අයත් මුල නැකතේ පළමු...
බදුලු කෝච්චියේ බෝම්බ කතාව පිටුපස සිටි මේ අවුරුද්දේ උසස් පෙළ ලියන සිසුවිය ගැනයි
බදුල්ල බලා යන රාත්‍රි තැපැල් දුම්රියේ බෝම්බයක්‌ තිබෙන බවට පොලිසිය වෙත අසත්‍ය තොරතුරක්‌ ලබා දීමේ චෝදනාව මත කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් දහඅට හැවිරිදි පාසල්...
පහරදී රෝහලේ හිටපු බිරිඳට කැතම වැඩක් කරපු නරුම ස්වාම පුරුෂයෙක්
සිය පුරුෂයා පහරදීම නිසා කෑගල්ල මහ රෝහලෙ ප්‍රතිකාර ලබමින් සිටි එක්දරු මවකට යළි ඊයෙ (5දා) අලුයම ස්වාමිපුරුෂයා පැමිණ පහර දෙමින් සිටියදී රෝහල් කාර්ය මණ්ඩලය විසින් බේරාගෙන...
අලියා බාත් සජීවී වැඩසටහනකදී එක අතක් අනෙක් පැත්ත හරවයි – ශාරුක් කොරවෙයි
අලියා බාත් සජීවී වැඩසටහනකදී එක අතක් අනෙක් පැත්ත හරවයි – ශාරුක් කොරවෙයි
Esha Dolly New Photoshoot
Esha Dolly New Photoshoot
තාප්ප ගලවා ඉවත් කළ මර්වින් සිල්වාට ලක්ෂ 4 ක දඩ
මින් වසර 6 කට පෙර 2010දී හිටපු ඇමති මර්වින් සිල්වා කිර්බත්ගොඩ ප්‍රදේශයේ මාර්ග පුළුල් කිරීමේ කටයුතු වලදී සෘජුව මැදිහත්වූ අයුරු රූපවාහිනියෙන්ද බොහෝ අයට නරඹන්නට...
ඉල්ලීම් දිනා නොගෙනම බස් වර්ජනය අතහරී
ඉල්ලීම් දිනා නොගෙනම බස් වර්ජනය අතහරී ඊයේ දවස පුරා ජනතාවට පීඩා ඇති කරමින් රට පුරා පවත්වාගෙන ගිය වැඩ වර්ජනය මැදියම් රාත්‍රිය වනවිට අත්හැර දමන්නට එයට මුල්වූ බස් සංගම්...

Gossip

පහරදී රෝහලේ හිටපු බිරිඳට කැතම වැඩක් කරපු නරුම ස්වාම පුරුෂයෙක්
සිය පුරුෂයා පහරදීම නිසා කෑගල්ල මහ රෝහලෙ ප්‍රතිකාර ලබමින් සිටි එක්දරු මවකට යළි ඊයෙ (5දා) අලුයම ස්වාමිපුරුෂයා පැමිණ පහර දෙමින් සිටියදී රෝහල් කාර්ය මණ්ඩලය විසින් බේරාගෙන...
Room Gssip
rEï hkav l,ska  weu;sf.a *q,a tfla fï ojia j, ks,sfhda fiÜ tl *q,a j, neye,d ìlsks msáka fmdfgdaia .y,d f*ia nqla tfla tfyu odk WKla ;sfhkjd fka' Tkak ´l mgka...
How doctors and nurses freeze without magic power
uka;% n,hlska f;drj z.,aùfï l;dfõZ i;H fukak zuka;% n,hlska f;drj uu o .,a jqfKñZ hk ud;Dldj Tiafia úfYaI{ ffjoH wdßhfiak hQ' .uf.a uy;d úiska miq.sh...
Father of girl child rape victim
ÿjf.a hykg ieñhdj hejQ ìß|la ÿIKhg ,lajQ nd,jhialdßhg mshdf.ka orefjla  kegqï Ys,amshl= jQ ;u ieñhdf.a iy ;u 13 yeúßÈ nd, jhialdr Èh‚hf.a iïnkaOhla fmd,sishg...

Gallery