ජංගම දුරකථනය කියන්නේ තමන්ගේ පෞද්ගලික උපකරණයක්.
සාමාන්‍යයෙන් තමන්ගේ ජංගම දුරකථනය අතේ තියාගෙන තමන් එකෙන් කරන වැඩ ගැන අනිත් අය බලන් ඉන්නවට කවුරුත් කැමති නැහැ.
මේ ප්‍රශ්නෙට හුගක්ම මුහුණ දෙන්නේ බස් එකේ, කෝච්චියේ එහෙත් නැත්නම් සෙනග ගොඩක් ඉන්න තැනක තමයි.
ඒ ප්‍රශ්නෙට ඔන්න දැන් විසදුමක් ලැබිලා ඒ කිව්වේ තමන්ගේ ජංගම දුරකථනයේ තියෙන දේවල් තමන්ට විතරක් බලාගෙන එකේ වැඩ ටික කරගන්න පුළුවන්.
තුර්කියේ දියාබකීර් නගරයේ ජීවත්වන Celal Göger කියන පුද්ගලයා තමයි මේක විසදුම හොයාගෙන තියෙන්නේ.
මෙයා වෘත්තියෙන් ජංගම දුරකථන අලුත් වැඩියා කරන පුද්ගලයෙක්.
ඇස් කණ්නාඩියක් හරහා තමයි මෙයා විසදුම හොයාගත්තේ.
මේකට කියන නම තමයි C.COGER I.
iPhone එකක් තමන්ගේ පර්යේෂන කටයුතු වලට තමයි භාවිතා කරලා තියෙන්නේ.
එම දුරකථනයට චිප් එකක් සම්බන්ධ කරලා ඊට ගැලපෙන ලෙස ඇස් කණ්නාඩියට බ්ලුටූත් චිප් එකක් හරහා සම්බන්ද කරගෙන තියෙනවා.
ජංගම දුරකථනයට සවි කරපු චිප් එකෙන් එහි තිරය සුදු පැහැයක් ගෙන දෙනවා.
ඒ කිව්වේ මොකුත්ම පෙන්නේ නැහැ.
හැබැයි මේ ඇස්කණ්නාඩිය දැම්ම පුද්ගලයාට විතරයි දුරකථනයේ තිරය නිවැරදිව පෙන්නේ.