latest news

Thursday, July 14, 2016

බැංකුවේ ලිංගික වීඩියෝව ප්‍රචාරය කරපු අයට විරුද්ධව නීතිමය පියවර

No comments

yooooooooo

බැංකුවේ ලිංගික වීඩියෝව ප්‍රචාරය කරපු අයට විරුද්ධව නීතිමය පියවර

බැංකු ක්ෂේත්‍රයේ නිලධාරියෙක් සහ බැංකු සේවිකාවක අතර පැවති ලිංගික ඇසුරකදී ලබාගත්තායැයි කියන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වීමත් එයට වෙබ් අඩවි ඇතුළු සමාජ මාධ්‍ය හරහා ලබාදුන් ප්‍රතිචාරයත් සමඟ ඔවුන් දෙදෙනාට සිය ගේදොර පවා අතහැර යාමට සිදු වූ තත්ත්වය හමුවේ බරපතල මානව හිමිකම් කඩවීමක් සිදු වී ඇති බව මානව හිමිකම් සහ සමාජ ක්‍රියාකාරීහු රැසක් පෙන්වා දෙයි.
ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය පෞද්ගලිකත්වය අතික්‍රමණය කරමින් තමන්ගේ රේටින්ස් වැඩි කරගැනීම පමණක් අරමුණු කරගෙන ක්‍රියා කිරීම හේතුවෙන් අදාළ කාන්තාවගේත් පුරුෂයාගේත් මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි ඔවුන් ප‍්‍රකාශ කරයි.
වගකීමක් රහිත මාධ්‍යකරණයක නියැළීම හේතුවෙන් ඔවුන් දෙදෙනා මේ වන විට දැඩි අපහසුතාවයට පත්ව ඇති අතර ඔවුන් දෙදෙනා පමණක් නොව එම පවුල් වල දෙමව්පියන් සහෝදරයින් ඇතුළු බොහෝ පිරිසක් විවිධ අපවාදයන්ට ලක් වී සමාජයට මුහුණ දීමට නොහැකිව මානසිකව පීඩාවට පත් ව ඇති බවත් මානව හිමිකම් බරපතල ලෙස කඩවීම යටතේ මේ සඳහා නීතිමය පියවර ගත හැකි බවත් සිවිල් සංවිධාන රැසක් පෙන්වා දී ඇත.
පීඩාවට ලක් වූ පුද්ගලයින් දෙදෙනා නීතිමය පියවරයන් සඳහා ඉදිරිපත් වීම හෝ නොවීම ඔවුන්ගේ ඉදිරි තීරණයක් බවත් ඔවුන් ඉදිරිපත් වූවත් නොවූවත් මෙම වීඩියෝව පළ කරන ලද වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලයන් හරහා මේ සඳහා ප්‍රචාරයක් ලබා දුන් පුද්ගලයින්ට එරෙහිව අනිවාර්යයෙන් ඉදිරි දින කිහිපය තුළදී නීතිමය ක‍්‍රියා මාර්ග ගැනිමට කටයුතු කරන බව පවසයි.
මෙම සිදුවීම හේතුවෙන් ඔවුන් තම ජීවිත හානියක් සිදු කරගත්තේ නම් මෙම මාධ්‍ය සහ පහත් රසිකත්වයක් ලැබූ පිරිස්  ඔවුන් වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද යන්න ගැටළුවක් බවත් මෙවැනි සිදුවීමක් නැවත ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග මේ අවස්ථාවේම ගත යුතු බවත් ඒ සඳහා කිසි විටක නොපැකිළෙන බවත් ඔවුන් පෙන්වා දෙයි.

ads

News

Latest News

Gossip

Gallery

News Videos