
ඔහු නමින් රුසිරු දිසානායක. කාලෙන් කාලෙට අමුතුම ආකාරයේ මාතෘකා ගැන ගීත ගායනා කරන යෞවනයෙක්. ඔහුගේ පළමු ගීතය ‘මිස් කෝල් එකයි’. දෙවනි ගීතය ‘කොට්ටෙ හපන්’.
මේ ඔහුගේ අලූත්ම නිර්මාණය. එය නිවුස් ගැන කියවෙන ලංකාවේ පළමු වෙනි සින්දුව. තවත් විදියකට කිව්වොත් එය නිවුස්වලින් හැදිච්චි අලූත්ම සින්දුවක්. එහෙමත් නැත්නම් මේක තමයි ලංකාවේ පළමු වෙනි නිවුස් සින්දුව. තමන්ගේ අලූත්ම ගීතය ගැන රුසිරු කියන්නේ මෙන්න මෙහෙම කතාවක්.
‘‘පසුගිය කාලේ ඇහිච්චි අමුතු අමුතු සිද්ධි එකතු කරල තමයි මේ ගීතය ලියල තියෙන්නෙ. මේක අලූත්ම විදිහට ලංකාවේ කවුරුත්ම නොකරපු විදිහට කරපු සින්දුවක්. මේක ලංකාවේ පළවෙනි නිවුස් සින්දුව’’
රුසිරු දිසානායක ගායනා කරන මෙම ගීතයට පදවැල් ගැලපුණේ තරංග රුක්ෂාන් ජයසේකර අතින්. එම සුසංයෝගයේත් සුවිශේෂී කරුණක් තිබෙනවා.
එනම් ඔවුන් දෙදෙනාම ප්රවෘත්ති හා සම්බන්ධ රැුකියාවක නිරත වීමයි. තවත් විදිහට කිව්වොත් ඔවුන් දෙදෙනාම මාධ්‍යවේදීන් විදිහට කටයුතු කරන දෙදෙනෙක්.
සංගීතය ශයන් ප්‍රනාන්දු. කොහොම වුණත් මේ සින්දුව කාටවත් කඬේ යන්නවත්, කාගෙවත් රෙදි හෝදන්නවත්, කාටවත් මඩ ගහන්නවත් කරපු සින්දුවක් නෙමේ කියලයි රුසිරු නම් කියන්නෙ. ..ඔයැ භැඅි ීදබට.. එහෙමත් නැත්නම් ‘රට වට විත්ති’ සාම්ප්‍රදායික ගීත රටාවට අලූත් අර්ථකථනයක් ගෙන දේවි.
" පරණ කතා...හොදට ගොතා..
දාපු මුටි මෙන්න ලොවෙත් නැතා..
අලූත් කතා.. රහට ගොතා..
ගෙනා පෙට්ටි මෙන්න ගනිල්ලා පුතා...
හත් අටපොලකින් ඉදගෙන නංගිලා,
මල් මල් කතා අහුල ගනින් මල්ලිලා...
19ට ඔරවලා,
20 අරන් පැන ගියා..
කවුන්සලේ නිදියලා..
සෙල්ෆි අරන් ට්විට් කරා..
රට වට නියම විත්ති.. කොහෙවත් නෑ මෙ සිද්දි..
අහන්න එන්න මල්ලි.. අපිට ඕනෙ නෑ සල්ලි...
කැස්බැවෙක් උස්සලා.., ගායකයෙක් ගැවිලා...
අලි පැටවුන් පන්නලා.. ලොකු ලොකු තැන් හෙල්ලිලා...
සක්වලටත් නොදන්වා..
එහෙ අය මෙහෙ ඇවිල්ලා...
ටීවි එකත් හිස් උනා, නිලියෝ චන්දෙටම ගියා...
ඩ්‍රයිවර් තනිකර දමා,
කෝච්චියක් ගිහිල්ලා...
fb හොරු අහුවෙලා,
ජීවිතයක් නැතිවෙලා..
ගුරුවරු වහලෙට වෙලා...
ඩොක්ටොර් නර්ස් සෙට් උනා...
උපවාසය ඇරබුනා,
මුලූ රට කොටඋඩ ගියා... "
" පරණ කතා...හොදට ගොතා..
දාපු මුටි මෙන්න ලොවෙත් නැතා..
අලූත් කතා.. රහට ගොතා..
ගෙනා පෙට්ටි මෙන්න ගනිල්ලා පුතා...
හත් අටපොලකින් ඉදගෙන නංගිලා,
මල් මල් කතා අහුල ගනින් මල්ලිලා...
19ට ඔරවලා,
20 අරන් පැන ගියා..
කවුන්සලේ නිදියලා..
සෙල්ෆි අරන් ට්විට් කරා..
රට වට නියම විත්ති.. කොහෙවත් නෑ මෙ සිද්දි..
අහන්න එන්න මල්ලි.. අපිට ඕනෙ නෑ සල්ලි...
කැස්බැවෙක් උස්සලා.., ගායකයෙක් ගැවිලා...
අලි පැටවුන් පන්නලා.. ලොකු ලොකු තැන් හෙල්ලිලා...
සක්වලටත් නොදන්වා..
එහෙ අය මෙහෙ ඇවිල්ලා...
ටීවි එකත් හිස් උනා, නිලියෝ චන්දෙටම ගියා...
ඩ්‍රයිවර් තනිකර දමා,
කෝච්චියක් ගිහිල්ලා...
fb හොරු අහුවෙලා,
ජීවිතයක් නැතිවෙලා..
ගුරුවරු වහලෙට වෙලා...
ඩොක්ටොර් නර්ස් සෙට් උනා...
උපවාසය ඇරබුනා,
මුලූ රට කොටඋඩ ගියා... "